6.එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න. 7උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න. (1පේදුරු 5:6-7)
අපි අපේ දරුවන්ට කෙතරම් ආදරේ කරනවාද ?අපි ඔවුන්ව තුරුල් කරගන්නවා,සුරතල් කරනවා,ඔවුන් ලග එන සුවද විදිනවා. නමුත් අපි ඔවුන්ගේ හිස කෙස් කවදාවත් ගණන් කරලා තියෙනවද? අපි ඔවුන්ව දන්නේ කෙතරම් අඩුවෙන්ද? අපේ දෙවිදුන් අපේ හිස කෙස් පවා ගණන් කර තිබෙන බව බයිබලය පවසනවා. ඉතින් අපේ සියලුම දේ එතුමන්ට ගොඩාක් වැදගත්. අපේ පුංචි හැගීමක් පවා,අපේ පුංචි රිදීමක් පවා. ඉතින් මේ තරම් අපිව සලකන කෙනෙක් ඉන්නවද? ඒ නිසා යාලුවනේ එතුමන්ගේ ආදරය විශ්වාස කරන්න. මුළු සිතින් එතුමන් මත රැදෙන්න.
