ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. 11 තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කීය. (උත්පත්ති 45:10-11)
දැඩි රස්නයක් ඇති දහවලකදී අපි සෙවනකට දුවගෙන යනවා. ඒ සෙවන අපිව වටපිටාවේ තියෙන රස්නෙන් ආරක්ෂා කරනවා. ඒ වගේ ජෝසෙප් තමන්ගේ සහෝදරයන්ට හා ඔවුන්ට අයිති හැමදේම ගැන දුන් පොරොන්දුවේ වචනය නම් සාගතයේදී ඔවුන්ව ආරක්ෂා කරන බවයි.
අද අප කෙරෙහි ජේසුස්ගේ පොරොන්දුවත් මෙයයි. “මම තෝරාගත් මගේ වංශය ඔබ කුමන චරිතයක්, පෙනුමක්, අතීතයක්, වර්තමානයක්, තිබෙන කෙනෙක් වුනත් මා ලගට එන්න. මම මේ සාගතයේදී ඔබව ආරක්ෂා කරන්නම්.” අද යේසුස් වහන්සේ ඔබට මට පවසනවා.
මටත් කුඩා දරුවන් දෙදෙනෙකු සිටිනවා. දහසක් දරුවන් අතරේ මට මගේ දරුවන් ඉතා විශේෂව පේනවා. ඔවුන් දක්ෂ වුවත්, ලස්සන වුවත්, ඉතා කීකරු වුවත් මගේ දරුවන්ට වඩා මා ගැන ආදරේ ප්‍රකාශ කලත් මගේ දරුවන් තරමට මට වෙන කිසි කෙනෙකු විශේෂ නැහැ.
ඒ ඔවුන් මගේ නිසා. එලෙසම දේව වචනයේ කායින් සහ ආබෙල්ගේ සිටම තෝරාගැනීමක් ගැන ලියවී තිබෙනවා. ඔබ මා තෝරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි අවට ඇති බිය දෙස නොව අපව කැදවා ගත් දෙවිදුන්ගේ ලෝකය පටන් ගැන්මේ සිට වූ විශ්වාෂවන්ත බව කෙරෙහි බලා සිටිමින් ප්‍රීතියෙන් මේ දිවීම සම්පූර්ණ කරමු.