ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක

“මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.” ශු. යොහන් 16:33 SROV

මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය. පිලිප්පි 1:29 NRSV

දුක් විදීම කියන වචනෙන් අපිට බොහෝ දේ හගවනවා.සමහර විට රෝගයක් නිසා,මානසික පීඩනයක් නිසා,සමන්ධතාවයන් නිසා හෝ බලාපොරොත්තු වන තත්වයන් නොතිබීම නිසා හෝ සමහර විට අපේම දුර්වලකම් නිසා.

සම්පූර්ණ ක්‍රිස්තුස්වහන්සේගේ ගෙවීමෙන් පසුවත් මේ අසම්පූර්ණත්වය නිසා දුක් විදීම අපට අයිතිද? ඔබේ පිළිතුර ඔව් විය හැකියි. මන්ද යේසු තුමන්ගේ පූජාවෙන් පසුව උන්වහන්සේ දෙන ලද ශුධත්මයනන් සමගින් මේ පොලවේ ඇවිදපු පාවුල් ,පේදුරු යොහාන් ගැන අපි අසා තිබෙනවා. ඔවුන් තලනු ලබූ බව,සිර කරනු ලබූ බව අපි දේව වචනය තුල දකිනවා.

යේසුස් වහන්සේගේ නාමය නිසා දුක්විදීම ,දෙවිදුන් විසින් මතු අපව ගෞරවයට පමුණුවන ලෙස අප වෙනුවෙන් පිළියෙළ කළාවූ මහත් ආශීර්වාදයක් වන එම ජය ගැනීමේ කුසලානයෙන් බීමට ඔබව මාව කැදවා ඇත්තේ නම් එය ඉතා අනර්ඝයි. එහෙත් ඔබ දුර්වලකම් නිසා දුක් විදිමින් ඔබේ දුක්විදීම තුල කිතුනුවකු වී සිටීම දෙවිදුන්ව සතුටු කරන දෙයක් ලෙස සිතන්නේ නම් එය ඔබ පිය රජුගේ මාලිගාව තුල ඇති දේ බුක්ති නොවිද සිටීමෙන් පිය රජු සතුටු වේ යයි සිතා සිටින අනුවන රජ පුතෙකුට සමානයි. ඔහු විසින් තමන්ගේ පියාව අතිශයින්ම වේදනාවට පත් කර හමාරයි.

දැන් ඔබට මතක් වේවි යෝබ්ගේ කතාව .ඉතින් යෝබ් අහිමි වීමෙන්,රෝගයෙන් අත්හැර දැමීමෙන් වේදනාවට පත් වුනා නේද? ඒ වන විට යේසුස් වහන්සේගේ අප වෙනුවෙන් දී තිබුනේ නැත. යෝබ් පොතෙහි ඒ පිලිබදව ලියා ඇත. 23මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්, 24උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත. යෝබ් 33;23-24

අප වෙනුවෙන් අතර මැදිහත් කරුවෙක් සිටින බැවින්, විරුද්ධකරයාට අපිට එරෙහිව පීඩා කිරීමට නොහැකිය.යෝබ්ට නොහිටි මග පෙන්වන ශුධත්මයනන් වහන්සේ අපට දී ඇත . එපමණක් නොව අප වෙනුවෙන් සම්පූර්ණ මිලය ගෙවා ඇත. යෝබ් 33 දිගටම කියවන්න. යේසුස්වහන්සේ විසින් යෝබ්ගේ ස්ථානයෙන් අපව මුදවා ගත් ආකාරය තවදුරටත් තේරුම් ගන්න.