ඔබට සුවයක් අවශ්‍ය නම්, නමුත් දෙවියන් වහන්සේ ඔබට එය ලබා දීමට කැමති දැයි විශ්වාස නැත්නම්, ඔබෙන්ම මෙසේ අසන්න දෙවියන් වහන්සේ කැමැත්තෙන් යේසුස් වහන්සේව මා වෙනුවෙන් භාර දුන්නේ නම්, උන්වහන්සේ මාගෙන් සුවය වළක්වයිද?
නැත,
අප විශ්වාස කරන දේව වචනය දෙස බලන්න. “සෑම යහපත් දීමනාද සියලු අගනා ත්‍යාගද නොවෙනස් වනසුලු, පහව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේය.” (ජාකොබ් 1:17)
ඔබේ ස්වර්ගීය පියා දැනටමත් ඔබට ස්වර්ගයේ හොඳම දේ ලබා දී ඇත. එසේනම් ඔබ ආශා කරන සුවය සහ සම්පූර්ණත්වය ඇතුළු සියලු දේ උන්වහන්සේ ඔබට නොමිලයේ ලබා නොදෙන්නේ කෙසේද? යේසුස් වහන්සේ සමඟ සෑම යහපත් දෙයක්ම පැමිණේ. “උන්වහන්සේ තමන්ගේම පුත්‍රයාණන් වුවද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක්ම අපට නොමසුරුව නොදෙන සේක්ද?” (රෝම 8:32)
ඔබේ සෞඛ්‍යය සහ සම්පූර්ණත්වය උන්වහන්සේට කොතරම් වැදගත්ද? ඔබට නිරෝගීව සහ සම්පූර්ණයෙන් ජීවත් වීමට හැකි වීම සඳහා උන්වහන්සේම විශාල මිලක් ගෙවා තිබීම, ඔබ දැන ගැනීම සහ විශ්වාස කිරීම ඉතා ඉතා වැදගත් වේ.
යේසුස් වහන්සේ කස පහර ලැබූ නිසා ඒ තුළින් ඔබ සුවපත් වේ.!
“සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකයය. එසේ වී නුමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන්වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.” (යෙසායා 53-4-5)
යෙසායා 53 වන පරිච්ඡේදය ඔබට සදාකාලිකවම සාක්ෂියක් වන්නේ යේසුස්වහන්සේ ඔබ කෙරෙහි දක්වන ප්‍රේමය සහ ඔබ නිරෝගීව හා සම්පූර්ණව සිටීමට උන්වහන්සේගේ ආශාවයි.
යේසුස් වහන්සේ සමඟ සුවය පැමිණ තිබෙන නිසා, උන්වහන්සේගේ අනර්ඝ සුවය බහුල ලෙස අත්දකින ජීවිතයක් ගත කරමු.