මං ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද?ඔයාට ජීවිතයේ කොහෙද යන්න ඕන, මොකක්ද කරන්න ඕන කියලා අදහසක් නැති වුණාම, ඔයාගේ ඇස් දෙක මුලින්ම යන්නේ කොතැනටද?
අද අපි ඉන්නේ ඕනවටත් වඩා උපදෙස් තියෙන, හරිම සද්දබද්ද වැඩි ලෝකයක. හැමෝම ළඟ මොකක් හරි ක්රමයක්, ප්ලෑන් එකක් නැත්නම් රහසක් තියෙනවා. ඉස්සරටත් වඩා උපදෙස් දෙන අය, කෝස්, වීඩියෝ අද ඕන තරම්. දැන් අන්තිමේදී ඒ.අයි. එකෙන් පවා තත්පර ගාණෙන් ඔයාට ඕන උපදෙස ගන්න පුළුවන්.
ඒ සමහර උපදෙස් ටික කාලයකට වැඩ කරනවා වගේ පේන්න පුළුවන්. ඒවයින් රිසල්ට් පවා එන්න පුළුවන්. ඒත් ඇත්තම ප්රශ්නය… ඒ දේවල් සදාකාලිකවම වෙනස් නොවී තියෙයිද?මොකද මේ ලෝකයේ ක්රමවේදයන් මත හදන ඕනම දෙයක් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මාකට් එක වෙනස් වෙනවා, මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙනවා, ට්රෙන්ඩ්ස් එනවා යනවා.
අද හරිම බුද්ධිමත් කියන දේ හෙට වෙනකොට වැඩක්ම නැති වෙන්න පුළුවන්.ඉතින් මේ වගේ ලෝකයක ඔයා කොහොමද හරියටම නිවැරදි පැහැදිලිකමක් ගන්නේ? කොහොමද අද ඔයාගේ ජීවිතයට පට්ටම 20/20 දැක්මක් ගන්නේ?
ඒකට උත්තරය තියෙන්නේ 2 ලේකම් 20:20 එකේ.මෙතැනදී ස්වාමීන්වහන්සේ අපිට ජීවිතය පට්ටම පැහැදිලිව දකින්න පුළුවන් නියම කෝණයක් දෙනවා: “ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න, එවිට ඔබ ස්ථිර කරනු ලබන්නෙහිය; උන්වහන්සේගේ දිවැසිවරයන් කෙරෙහි විශ්වාස කරන්න, එවිට ඔබ සමෘද්ධිමත් වන්නෙහිය.”
එතන තියෙන අනුපිළිවෙල පොඩ්ඩක් බලන්න.මුලින්ම, ස්වාමීන්වහන්සේව විශ්වාස කරන්න, එතකොට ඔයා ස්ථාවර වෙනවා. ඒ “ස්ථිර වෙනවා” කියන්නේ කොයි වෙලාවකවත් හොලවන්න බැරි, සැලෙන්නේ නැති, බයක් සැකයක් නැති තැනකට එන එකට. නිවුස් හෙඩ්ලයින්ස් ආවා කියලා, නැත්නම් වෙන ප්රෙෂර් එකක් ආවා කියලා ඔයා වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි නියම ස්ථාවරත්වය!
ඊළඟට, උන්වහන්සේගේ දිවැසිවරයන් විශ්වාස කරන්න, එතකොට ඔයා සමෘද්ධිමත් වෙනවා.දැන් මට ඕනේ ඔයාට මේක තවත් පැහැදිලි කරලා දෙන්න. මේ සමෘද්ධිමත් වෙනවා කියන්නේ සල්ලි හම්බවෙන එක ගැන විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා මුහුණ දෙන ඕනම දේකදී ස්වාමීන්වහන්සේ ඔයාට නියම ජයග්රහණයක්, පට්ටම සාර්ථකත්වයක් දෙන එකට.
ඒකට නිවැරදි තීරණ ගන්න ඕන ප්රඥාව, දුර්වල වෙලාවට ලැබෙන ශක්තිය, සබඳතා ආයේ හැදෙන එක, රක්ෂාවේ ලැබෙන කරුණාව, ඇඟට ලැබෙන සුවය, හිතට ලැබෙන සහනය… මේ හැමදේම අයිතියි.
හිතෝපදේශ 20:18 මේ වගේ නියම උපදෙසක් දෙනවා: “යෝජනා ස්ථිර වන්නේ මන්ත්රණයෙන්ය; නුවණැති උපදෙස් ලබාගෙන යුද්ධ කරන්න.”ඒක කොච්චර ප්රැක්ටිකල්ද? ඔව්, ඔයාට තොරතුරු හොයන්න පුළුවන්. රිසර්ච් කරන්න පුළුවන්. ඒත් තීරණාත්මක පියවරක් ගන්න වෙලාවට — නියම ගේම ගහන්න (“යුද්ධ කරන්න”) වෙන වෙලාවට — ලෝකයේ තියෙන දහසක් හඬවල් පස්සේ යන්න එපා. ස්වාමීන්වහන්සේ පැත්තට හැරිලා, නියම දේවභය ඇති උපදෙස් ගන්න.
ඉතින් ඒ නුවණැති උපදෙස් තියෙන්නේ කොහෙද? ස්වාමීන්වහන්සේගේ presence එක ඇතුළේ , උන්වහන්සේගේ වචනය ඇතුළේ, අන්න ඒ ආලේපය ගලා යන සභාව ඇතුළේ.දෙවියන්වහන්සේ ප්ලෑන් කරලා තියෙන්නේ උන්වහන්සේ පත් කරපු නායකත්වය හරහා ක්රිස්තුස්වහන්සේගේ ශරීරය ඇතුළේ අපිට සමෘද්ධිමත් වෙන්න.
ඔයා පල්ලියට යන හැම පාරම ඒක ඔළුවේ තියාගෙනද යන්නේ?2 ලේකම් 20 එකෙත් අපිට පේන්නේ ඒකමයි. යෙහෝෂාපාට් සභාව ස්වාමීන්වහන්සේගේ ගෘහයට එකතු කරපු වෙලාවේ — ඒක නිකන් ක්රිස්තුස්වහන්සේගේ ශරීරයේ චිත්රයක් වගේ — ඔහුට ඕන කරපු උත්තරය ආවේ ජහශියෙල් කියන දිවැසිවරයා හරහා.
බයිබලයේ කියන්නේ දෙවියන්ගේ ආත්මය ජහශියෙල් පිටට ආවා, එයා මෙහෙම කිව්වා: “බිය වෙන්න එපා… මොකද මේ යුද්ධය ඔයාලගේ නෙවෙයි දෙවියන්ගේ…. ඔයාලට මේ යුද්ධයේදී සටන් කරන්න ඕන වෙන්නේ නැහැ.
“ආලේපලත් දේශනාවකින් වෙන්නේ අන්න ඒකමයි.ඔයා මහන්සි වෙලා, අවුලෙන්, මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව පල්ලියට එන්න පුළුවන්. ඒත් වචනය දේශනා වෙනකොට, ඔයාට ඕන කරන ඒ නිදහස දෙන වචනය දේශකයාගේ කටට දෙන්න දෙවියන්ට පුළුවන්. නැත්නම් ඔයා පල්ලියේ අනිත් අය එක්ක එකතු වෙලා ඉද්දි, වෙන සහෝදරයෙක්ගේ හරි සහෝදරියෙක්ගේ හරි කටින් ඔයාගේ ප්රශ්නයට උත්තරය දෙන්න දෙවියන්ට පුළුවන්.
ඒකයි ශුද්ධ ලියවිල්ලේ කියන්නේ දෙවියන්ගේ ගෘහයේ සිටුවලා තියෙන අය සඵල වෙනවා කියලා (ගීතාවලිය 92:13). උන්වහන්සේගේ ගෘහයේ සිටුවෙලා ඉන්නකොට ලැබෙන නියම සඵලවීමක් තියෙනවා. මොකද ආලේපය, ප්රඥාව තියෙන්නේ එතැන… දෙවියන් තමන්ගේ බැටළුවන්ට කෑම දෙන්නේ එතැනදී.
ඉතින් අදම ඔයාගේ අවධානය නිවැරදි තැනට ගන්න.ජේසුස් ස්වාමීන්වහන්සේ දිහාම ඔයාගේ ඇස් යොමු කරන්න. අන්න ඒකයි ඔයාට නියම 20/20 දැක්මක් ගන්න තියෙන විදිය.
උන්වහන්සේව විශ්වාස කරන්න, එතකොට ඔයා ස්ථාවර වෙයි. උන්වහන්සේගේ ගෘහයේ සිටුවෙලා, උන්වහන්සේගේ ශරීරයට එකතු වෙලා ඉන්න, එතකොට ඔයා ෂුවර් එකටම සමෘද්ධිමත් වෙයි!



