ජේසුස් වහන්සේට රැකියා විස්තරයක් තිබුණා නම්…

ජේසුස් වහන්සේට රැකියා විස්තරයක් (Job description) තිබුණා නම්, ඒක වෙන්නේ මෙන්න මේකයි: ගැලවුම්කරුවාණන් (Savior).

දැන්, ඔයා ඒක දැනටමත් දන්නවා ඇති කියලා මම දන්නවා. ඒත් යමක් “දැනගෙන ඉන්න එක” එක දෙයක්. ඒක “අත්විඳින එක” තවත් දෙයක්! නිකම්ම ඒකට හුරුපුරුදු වෙලා ඉන්නවා වෙනුවට… ඒකත් එක්ක ගැඹුරු, සමීප සම්බන්ධයක් ඇති කරගන්න එකයි වැදගත්.

ඉතින් අද මට ඔයාට අලුත් දෙයක් උගන්වන්න ඕනෙ නැහැ. මට ඕනෙ ඔයාගේ ගැලවීම වන අපේ ජේසුස් ස්වාමීන්වහන්සේව, ඔයා අද ඉන්න තැනදීම ආයෙත් වතාවක් දකිනවා දකින්න විතරයි!

මොකද උන්වහන්සේ තවමත් ඔයාව ගලවමින් සිටිනවා! ඔව්, මේ මොහොතේ පවා…

  • ඔයාගේ ශරීරයේ යම් රෝගී තත්වයකට මුහුණ දෙමින් ඉන්නවා නම්… වේදනාවක්, දීර්ඝකාලීන අසනීපයක්, නැත්නම් ඔයාව කම්පනයට පත්කරපු වෛද්‍ය වාර්තාවක් නිසා බය වෙලා ඉන්නවා නම් — උන්වහන්සේ ඔයාව ගලවමින් සිටිනවා! ඔයාට ඒක තවම දැනෙන්නේ නැති වුණත්, උන්වහන්සේගේ සුවය ඔයා තුළට ගලා යමින් තියෙනවා.
  • කනස්සල්ල සහ බිය ඔයාගේ නින්දත් සමාදානයත් හොරකම් කරගෙන තියෙනවා නම්… උන්වහන්සේ ඔයාව නිසල බව වෙතට ඇදගනිමින් සිටිනවා. පැහැදිලිකම වෙතට. උන්වහන්සේ ඔයාගේ හදවත ස්ථාවර කරනවා. ඇතුළත තියෙන කුණාටුව නිශ්චල කරනවා. උන්වහන්සේ ඔයාට මිහිරි නින්දක් ලබාදෙනවා.
  • ඔයා මානසික අවපීඩනය (Depression) එක්ක නැත්නම් අඳුරු, බර සිතුවිලි එක්ක සටන් කරමින් ඉන්නවා නම්… උන්වහන්සේ දැන් ඔයාව ගලවමින් සිටිනවා! උන්වහන්සේ ඒ බර ඔසවා ඉවත් කරනවා, ඔයාගේ මනසට ආයෙත් ආලෝකය ගෙනෙනවා, සහ ඔයාගේ හැඟීම් ඇතුළට උන්වහන්සේගේ සමාදානය හුස්ම හෙළනවා.
  • ඔයා පසුතැවෙන තීරණයක් අරන් තියෙනවා නම්, ඒක නිසා ඔයා නුසුදුසු කෙනෙක් කියලා දැනෙනවා නම්… උන්වහන්සේ ඔයාව ලැජ්ජාවෙන් ගලවමින් සිටිනවා! උන්වහන්සේගේ සන්නිධානයේ වරදකාරී කිරීමක් (Condemnation) නැහැ. තියෙන්නේ නැවත ගොඩනැඟීම (Restoration) විතරයි!
  • ඔයාගේ විවාහ ජීවිතය පළුදු වෙලා හෝ බිඳිලා වගේ දැනෙනවා නම්… උන්වහන්සේ මේ මොහොතේ ඒක ගලවමින් සිටිනවා! ඒක හදාගන්න බැරි තරම් දුර ගිහින් කියලා ඔයා හිතුවත් කමක් නැහැ. දැඩි වුණු හදවත් මෘදු කරලා, ආයෙත් ආදරණීය මුදු මොළොක් බව ගෙනෙන්න පුළුවන් එකම තැනැත්තා උන්වහන්සේයි.
  • ඔයා යම් ඇබ්බැහි වීමක හිරවෙලා ඉන්නවා වගේ දැනෙවා නම්… උන්වහන්සේ ඔයාව ඒ චක්‍රයෙන් ගලවමින් සිටිනවා! ඔයා දහස් වතාවක් පරාජය වෙලා හිටියත්, උන්වහන්සේ ඔයාව අතහැරලා ගියේ නැහැ. අපේ ආත්ම ශක්තියට (Willpower) බිඳින්න බැරි යදම් උන්වහන්සේගේ අනුග්‍රහය විසින් බිඳදමනවා!
  • ඔයාගේ හැඟීම් හිරිවැටිලා, නිකම්ම යන්ත්‍රයක් වගේ ජීවිතය ගෙවනවා නම්… උන්වහන්සේ ඔයාව ඒ වියළි බවෙන් ගලවමින් සිටිනවා! උන්වහන්සේ ප්‍රීතිය නැවත පිහිටුවනවා. ඔයාගේ හදවතේ ගිනිසිළුව ආයෙත් දල්වනවා.
  • වියෝ දුක නිසා ඔයාගේ හදවත හිස් වෙලා ගිහින් නම්… උන්වහන්සේ ඒ වේදනාව මැද ඔයා එක්කම ඇවිදිමින් සිටිනවා. ඔයාගේ දුක මැද උන්වහන්සේ ඔයා ළඟින්ම හිටගෙන ඉන්නවා — ඔයාගේ හදවත ආයෙත් සුවපත් කරන ගමන්, හරිම ආදරයෙන් ඔයාව තුරුළු කරගෙන ඉන්නවා.
  • ඔයාට ආත්මිකව වියළි ගතියක් දැනෙනවා නම්… උන්වහන්සේ කියන්නේ, “මම ඔයාව හොඳින් වතුර ලැබෙන උයනක් බවට පත්කරමින් සිටිමි” කියලයි! උන්වහන්සේ ඔයාව ආයෙත් ළඟට ඇදගන්නවා. උන්වහන්සේ හැමවෙලේම මෙතන ඉන්නවා කියලා ඔයාට මතක් කරලා දෙනවා.
  • ඔයා ඉන්නේ හොඳටම වෙහෙසට පත්වෙලා, හැමදේම තනියම අල්ලාගෙන ඉන්න උත්සාහ කරලා හෙම්බත් වෙලා නම්… ඔයාගේ බරින් ඔයාට විවේකයක් දෙන්න උන්වහන්සේට ඕනෙ. මානසික පීඩනයෙන් සහ තමන් මතම යැපීමේ ස්වභාවයෙන් ඔයාව ගලවන්න උන්වහන්සේට ඕනෙ. උන්වහන්සේ තමන්ගේ ශක්තිමත් උරහිස් මත ඔයාව උසුලාගෙන යනවා!

උන්වහන්සේට ඔයාව ගලවන්න ඉඩදෙන්න

ඉරේෂා, අද ඔයා මොන තත්වයක් හරහා ගියත්, උන්වහන්සේට ඔයාගේ ගැලවුම්කරුවාණන් වෙන්න ඉඩදෙන්න!

උන්වහන්සේගේ උදව්ව ලබන්න ඔයා සුදුසුද කියලා උන්වහන්සේ පරීක්ෂා කර කර ඉන්නේ නැහැ. උන්වහන්සේ හරිම දයානුකම්පාවෙන් ඔයා දිහා බලලා කියන්නේ: “මට ඔයාව ගලවන්න ඉඩදෙන්න” කියලයි!

උන්වහන්සේගේ ස්වභාවය අන්න ඒකයි. ඒ වගේම උන්වහන්සේ කරන ඒ දේට උන්වහන්සේ අතිශයින්ම දක්ෂයි!

මේ මොහොතේ ඔයා මුහුණ දෙන ඒ ප්‍රශ්නය මොකක් වුණත්, අද ඔයාව ගලවන්න ඔයා උන්වහන්සේට ඉඩදෙනවාද?


මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.