කනගාටුවට සහ බයට දෙවියන් වහන්සේගේ සරල, ඒත් බලවත් උත්තරය:

ඔයා කවදාහරි මොහොතකට නතර වෙලා කල්පනා කරලා තියෙනවාද, ඔයාගේ හිත ඇතුලෙන් ලොකු බයක් හරි කනගාටුවක් හරි තියාගෙන ඉන්නවා කියලා?

ඒක හරියට හිතේ කොනක හැමවෙලේම තියෙන කුඩා පීඩනයක් වගේ… හරිම සේරම නිශ්ශබ්දව හිත ඇතුලේ රැඳිලා තියෙනවා.

ඒක ලොකු එක දෙයකින් නෙවෙයි වෙන්න පුළුවන්, පුංචි පුංචි ගොඩක් දේවල් එකතු වෙලා හදපු එකක් වෙන්න පුළුවන්. අපි නොකරපු වැඩ, මඟහැරුණු වැඩ, ගෙවන්න තියෙන බිල්පත්, කරන්න තියෙන ගමනාගමන, එහෙමත් නැත්නම් අපි කරන්න ඕන කියලා හිතන හොඳ දේවල් පවා ඒකට හේතු වෙන්න පුළුවන්.

ඔව්, ඒ ගොඩක් දේවල් ඇත්තටම වැදගත් ඒවා තමයි. ඒත් කාලයක් යද්දී, ජීවිතේ මේ ප්‍රශ්න බර නිසා අපි වැටෙනවා, අන්තිමට ඒ විදිහට ජීවත් වෙන්න පුරුදුත් වෙනවා.

ඔයාගේ ස්වර්ගීය පියාණන් වහන්සේට ඕන ඔයා ඒ විදිහට ජීවත් වෙනවා බලන්න නෙවෙයි.

මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ කියනවා, “ජේසු ගැන නොදන්නා අය තමයි හැමවෙලේම මේ දේවල් ගැන කරදර වෙන්නේ, ඒත් ඔයාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔයාට ඕන හැමදේම කලින්ම දන්නවා.”

මතක තියාගන්න, ඔයා ලෝකයේ අනිත් අය වගේ නෙවෙයි. ඔයාට හොඳ පියෙක් ඉන්නවා, එයා ඔයාට ඕන දේවල් කලින්ම දන්නවා වගේම ඔයාව බලාගන්න ආසාවෙන් ඉන්නවා. ඒක ඔයාට අමතක වුණාම, ඔයා මේ පීඩනය සාමාන්‍ය ජීවිතයේ කොටසක් කියලා බාරගන්න පෙළඹෙනවා.

අද, ඔයාගේ පියාණන් වහන්සේට ඕන ඔයාගේ හිතයි දැක්මයි නිවැරදි කරන්න. එයාට ඕන බයක්, කනගාටුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ලස්සන, බලවත් ක්‍රමයක් ඔයාට පෙන්වන්න.
අපි ෆිලිප්පි 4:6 බලමු.

“කිසිම දේකට බය වෙන්නවත්, කනගාටු වෙන්නවත් එපා; ඒ වෙනුවට හැමදේකදීම යාච්ඤාවෙන්, ඉල්ලීම්වලින් සහ ස්තුතිදීමෙන් ඔයාගේ අවශ්‍යතා දෙවියන් වහන්සේට කියන්න.”

ඒක කොච්චර ලස්සනද? අපේ එදිනෙදා ජීවිතේ ප්‍රශ්නවලට සහ බයට දෙවියන් වහන්සේ දෙන උත්තරය තමයි… යාච්ඤාව. හරිම සරලයි, ඒත් හරිම බලවත්.

දැන් ඔයා හිතනවා ඇති, “මම ඕක කලිනුත් අහලා තියෙනවා” කියලා.

ඒත් ප්‍රශ්නයක් ආපු ගමන් ඔයාගේ පළමු පියවර යාච්ඤාවද? නැත්නම් ප්ලෑන් කරන එකද… ගූගල් කරන එකද… ChatGPT එකෙන් අහන එකද… එහෙමත් නැත්නම් තනියම සේරම විසඳගන්න හදන එකද?

අපි හැමෝම ඒ උගුලට අහුවෙනවා. අපේම ශක්තියෙන් දේවල් කරන්න හදන එක හරිම ලේසියි. ඒත් යාච්ඤාව? යාච්ඤාව තමයි දේවල් වෙනස් කරන්න පටන්ගන්නේ.
යාච්ඤාව කියන්නේ නිකම්ම නිකම් සූත්තරයක් නෙවෙයි. ඒක නිකන්ම ක්‍රිස්තියානි වචනයක් නෙවෙයි.

ඒක ඔයාට ආදරේ කරන ස්වාමීන් වහන්සේට ලංවෙන එක. ඔයාට ඕන දේ දන්න, ඒත් ඒ ගැන එයාට කියන්න කියලා ඔයාට ආරාධනා කරන ඔයාගේ පියාණන් වහන්සේ එක්ක තියෙන සම්බන්ධතාවය… ඒකෙන් ඔයාට ඒ බර එයාට දීලා, එයාගේ සාමය ලබන්න පුළුවන්.

“ඔයාගේ හැම බරක්ම එයාට දෙන්න, මොකද එයා ඔයා ගැන සැලකිලිමත් වෙනවා” කියලා 1 පේතෘස් 5:7 හි කියන්නේ මෙන්න මේකටයි.

එයා ඔයාට කොච්චර ආදරෙයිද කියලා ඔයාට ඇත්තටම තේරුණාම, ඔයා තවත් එක තත්පරයක්වත් බලන් ඉන්නේ නෑ. ඔයා ඒ බර යාච්ඤාවෙන් එයාට දීලා, එතනින් නිදහස් වෙනවා.

ඒක අමාරු දෙයක් නෙවෙයි. තාත්තා කෙනෙක් ලඟට යන පොඩි ළමයෙක් වගේ ඔයාට සේරම කියන්න පුළුවන්—ඔයාගේ අවශ්‍යතා, බය, සහ කේන්තිය.

ඔයාට ලොකු බර වචන ඕන නෑ. මීටින් එකකට යන්න කලින් “ස්වාමිනි, මට ඔයාගේ ප්‍රඥාව දෙන්න!” කියලා හිතින් කියන එකත් ප්‍රමාණවත්. නැත්නම් ඔයාට හිතෙන දේ ඔයාගේම වචනවලින් කියන්න.

ඔයා යාච්ඤා කරද්දී, ඔයා ලංවෙන්නේ ඔයාට වැඩියෙන්ම ආදරේ කරන කෙනාට. ඒ වගේම එයාගේ බලය ඔයාගේ ප්‍රශ්නය ඇතුලට ගේන්න ඔයා ඉඩහරිනවා.

ඒ නිසා, ඔයාගේ යාච්ඤාවලට ලොකු බලයක් තියෙනවා කියලා විශ්වාස කරන්න පටන්ගන්න. ඔයාගේ යාච්ඤාවලට දේවල් වෙනස් කරන්න පුළුවන්.

අද, ඒ ප්‍රශ්නය ගැන හිත හිත බය වෙනවා වෙනුවට, ඒ ගැන යාච්ඤා කරන්න. “ජේසුස් ස්වාමිනි, මම මේක ඔයාට බාරදෙනවා…” කියලා කියන පුංචි වචනය පවා ඔයාගේ බය නැති කරලා, දෙවියන් වහන්සේගේ සැබෑ සාමයෙන් ඔයාව පුරවන්න ඇති.

ජෝශප් ප්‍රින්ස් සේවයේ දිනපතා මෙනෙහි කිරීම ඇසුරිනි ……………………………