සෑමදාම නැවුම් කෑම කන්න දෙවියන් වහන්සේගෙන් මතක් කිරීමක්

***රසම රස කෑම එකක රහස හරිම සරලයි.අලුත් බඩු, අලුත් එළවළු. එච්චරයි.අලුත් පාන්වල රහ වෙනස්. අලුත් පලතුරුවල තියෙන්නේ වෙනමම අලුත් බවක්.අලුතෙන්ම හදන කෑමකින් ලැබෙන පෝෂණය වෙනින් ඉතුරු වෙච්ච කෑම එකකින් කවදාවත් ගන්න බෑ. අනික පරණ වෙච්ච, හයිවෙච්ච පාන් කන්න කවුරුත් ආස නෑනේ.ඒත් අපි ඇත්තම කිව්වොත්, සමහර වෙලාවට අපි ජීවත් වෙන්න හදන්නේ පරණ වුණු ආත්මික කෑමවලින්.ඊයේ ලැබුණු ශක්තියෙන්. ගිය සුමානේ ලැබුණු දිරිගැන්වීමෙන්. නැත්නම් හුඟ කාලෙකට කලින් අහපු දේශනාවකින්.ඒ හින්දා දෙවියන් වහන්සේගෙන් අලුතෙන් දෙයක් ලබාගන්නේ නැතුව, උන්වහන්සේ එක්ක කතා බහ කරන්නේ නැතුව අපි දිගටම ජීවිතේ ඉස්සරහට යන්න හදනවා.ජීවිතේ තියෙන වැඩ කටයුතුත් එක්ක, ප්‍රශ්න විසඳන ගමන්, තීරණ ගන්න ගමන්, වගකීම් ඉෂ්ට කරන ගමන් අපිට නිකන්ම මේ ප්‍රවාහයට අහුවෙලා යන්න කොච්චර ලේසිද කියලා මට තේරෙනවා… ඒ හැමදේම අස්සේ අපි නොදැනුවත්වම අපේම ශක්තිය මත යැපෙන්න පටන් ගන්නවා.ඒත් දෙවියන් වහන්සේට ඕනේ නෑ ඔයා එහෙම ජීවත් වෙනවට. උන්වහන්සේට ඕනේ නෑ ඔයා පරණ වුණු ඉතුරු කෑමවලින් ජීවත් වෙනවට.ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් වහන්සේ හැමදාම උදේට අහසින් අලුත් ‘මන්නා’ දුන්න හැටි පොඩ්ඩක් හිතන්න.ඒ අයට තිබ්බේ එක දවසකට ඕනේ කරන ප්‍රමාණය විතරක් එකතු කරගන්න. ඒක ඊළඟ දවසට ඉතුරු කරලා තියාගන්න බැරි වුණා. පරණ වෙන්න තියාගත්තම ඒක නරක් වුණා.ඇයි ඒ?උන්වහන්සේට ඕනේ වුණා ඒ අය හැමදාම අලුත් පෝෂණය ලබාගන්න උන්වහන්සේ ළඟට එනවා දකින්න. ඒ අයට ඕනේ කරන හැමදේම ඒ මන්නා එකේ තිබුණා.ඒ වගේම තමයි, දෙවියන් වහන්සේට ඕනේ ඔයා හැමදාම උන්වහන්සේ ළඟට ඇවිත් අලුත් ශක්තියක් ලබාගන්නවා දකින්න. ඔයා එකතු කරගන්න ඒ මන්නා එකේ ඔයාට ඕනේ කරන හැමදේම තියෙනවා.ජොබ් එකේ තියෙන ප්‍රශ්නෙට ඕනේ නුවණ. අමාරු කතාවකට ඕනේ කරන නිවැරදි වචන සහ දෙවියන්ගේ අනුග්‍රහය. ගෙදර තියෙන නොසන්සුන්කමට ඕනේ කරන දෙවියන්ගේ ‘ශාලොම්’ (Shalom) සමාදානය. නැත්නම් ඔයා ගන්න ඉන්න ලොකු තීරණයට ඕනේ පැහැදිලි මඟපෙන්වීම.ඔයාගේ දවස ඇතුළේ මොන වගේ දේවල් වෙයිද කියලා දෙවියන් වහන්සේ කලින්ම දන්නවා. ඔයාට තවම පෙනෙන්න නැති දේ උන්වහන්සේ දකිනවා. ආදරේ නිසා උන්වහන්සේ ඔයාව ඒකට ලෑස්ති කරනවා.උන්වහන්සේ ඔයාව ලෑස්ති කරන්නේ කොහොමද? උන්වහන්සේගේ වචනය කියන ඒ මන්නා එකෙන්.ඔයා බයිබලය දිග අරිද්දී, ඔයා කරන්නේ කොළයක තියෙන වචන වගයක් කියවන එක විතරක් නෙවෙයි. ඔයා එන්නේ පුද්ගලයෙක් ළඟට.ඔයා ශුද්ධාත්මයාණන් වහන්සේට ළං වෙලා කියනවා, “ශුද්ධාත්මයාණන් වහන්ස, අහසින් ආපු සැබෑ කෑම වෙන ජේසුස් වහන්සේව මට පෙන්වන්න.””මගේ හිතේ ඇස් අරින්න, ක්‍රිස්තුස් වහන්සේ ගැන මට එළිදරව්වක් දෙන්න.””අද දවසට මට අයිති කොටස මට දෙන්න.”මොකද බයිබලය කියන්නේ ජීවමාන දෙයකට. ශුද්ධාත්මයාණන් වහන්සේ ඒක ඔයාට පෞද්ගලිකවම අදාළ කරලා දෙනවා. උන්වහන්සේ ලියවිල්ලේ තියෙන වචනය (Logos) අරගෙන, ඒක ඔයාගේ වෙලාවට හරියන ජීවමාන වචනයක් (Rhema) බවට පත් කරනවා. ඒක නිකන්ම මනසට දැනුම දෙන වචනයක් නෙවෙයි, හදවතට උණුසුමක්, ශක්තියක් දෙන වචනයක්.ඔයාටත් එහෙම දැනීලා තියෙනවද?කලින් කියවලා පුරුදු කොටසක් ආයේ කියවද්දී, එක පාරටම එක පදයක් මතු වෙලා පෙනෙනවා. නිකන් දෙවියන් වහන්සේ කෙලින්ම ඔයාට කතා කරනවා වගේ දැනෙනවා.අන්න ඒක තමයි ඒ දවසට ඔයාට ලැබෙන උන්වහන්සේගේ පෞද්ගලික Rhema වචනය, එහෙමත් නැත්නම් ඔයාගේ ඒ දවසේ මන්නා එක. ඔයා වචනය කියවලා ඒකෙන් පෝෂණය වෙද්දී, ඒ දවසට ඕනේ කරන නැවුම් අනුග්‍රහය උන්වහන්සේ ඔයාට දෙනවා.වැඩ වැඩි දවසකට යන්න කලින් දෙවියන් වහන්සේ එක්ක නිශ්ශබ්දව කාලය ගත කරද්දී ලැබුණු වචනය, දවසේ පස්සේ වෙලාවකදී මට හරියටම ඕනේ වුණු දේ වුණු අවස්ථා ඕනේ තරම් තියෙනවා.සමහර වෙලාවට ඒක එක විශේෂ දෙයක්ම නොවෙන්න පුළුවන්. ඒත් ජේසුස් වහන්සේගේ වචනයෙන් පෝෂණය වුණු නිසා, උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා නේද කියන ශක්තිය සහ සැනසීම මට දැනෙනවා.දැන් ඔයා හිතනවා ඇති, “ඒත් පාස්ටර් ප්‍රින්ස්, මට පැයක් විතර ඒකට වෙලාව නෑනේ.” නැත්නම් “මගේ වැඩ ටික කරගන්නත් වෙලාව මදි, දෙවියන් වහන්සේ එක්ක ඉන්න වෙලාවක් කොහෙන්ද” කියලා. වචනය එක්ක ලොකු පැය ගණන් ඉන්න බැරි වුණා කියලා බය වෙන්න එපා.බයිබලයේ කියනවා, “වැඩියෙන් එකතු කරගත්ත කෙනාට ඉතුරු වුණෙත් නෑ, අඩුවෙන් එකතු කරගත්ත කෙනාට මදි වුණෙත් නෑ” කියලා (නික්මයාම 16:18).ඒක කොච්චර ලස්සනද?මිනිස්සු එකතු කරගත්ත ප්‍රමාණය ඒ දවසට හොඳටම ප්‍රමාණවත් වුණා.ගොඩක් වෙලාව ගන්නවට වඩා වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේ එක්ක ඔයා ගත කරන ඒ සුළු මොහොතේ තියෙන ගුණාත්මක බවයි. ඔයා එකතු කරගන්න ඒ පුංචි ප්‍රමාණයත් ඒ දවසට හොඳටම ඇති වෙයි. විනාඩි දහයක් වුණත් අවධානයෙන් ඉඳලා, එක කොටසක් හෙමින් කියෙව්වත්, නැත්නම් එක පදයක් වුණත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීමෙන් කියවද්දී ඒක ජීවමාන වෙලා ඔයාව පෝෂණය කරනවා.නැවුම් කෑම කනවා කියන්නේ අන්න ඒකටයි.ඔයා වචනයෙන් පෝෂණය වෙන්න වෙලාව ගන්නකොට, ඔයා කරන වැඩවලට දෙවියන්ගේ විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා. දේවල් හරියට පිළිවෙලකට සිද්ධ වෙනවා. කලින් කලබල වුණු තැන්වලදී පවා ඔයාට නොසැලී ඉන්න පුළුවන් වෙනවා.ඒ නිසා අද, පරණ වෙච්ච කෑමවලින් ශක්තිය අරන් එකපාරටම වැඩවලට බහින්න එපා.පොඩි වෙලාවක් අරන් බයිබලය දිග අරින්න, නැත්නම් දේශනාවකට ඇහුම්කන් දෙන්න. ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් මෙහෙම ඉල්ලන්න, “මට ජේසුස් වහන්සේව පෙන්වන්න. අද මට නැවුම් කෑම දෙන්න!”