අපි ජීවත් වෙන මේ පාපයෙන් පිරුණු ලෝකයේ, හුඟක් අය — ඇත්තටම දෙවියන්වහන්සේට ආදරේ කරන ඇදහිලිවන්තයන් පවා — යම් ප්‍රමාණයකට නරක පුරුදු, පරීක්ෂාවන්, සහ එක එක දේවල්වලට ඇබ්බැහි වීම් එක්ක ලොකු සටනක් කරනවා.
ඔයා තේරුම් ගන්න ඕනෙ දේ තමයි, හැම මනුස්ස හදවතක් ඇතුළෙම ලොකු හිස්තැනක් (Vacuum) තියෙනවා. තෘප්තිමත් වෙන්න, පූර්ණ වෙන්න, අගය කිරීමට ලක්වෙන්න, සහ තමන්ව පිළිගන්නවා දකින්න තියෙන ලොකු ආශාවක් හදවත ඇතුළේ තියෙනවා. ඉතින් ඒ හිස්කම දෙවියන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නේ කොහොමද කියලා අපි නොදන්න විට, අපි කරන්නේ වෙනත් දේවල්වලින් ඒ හිස්තැන පුරවාගන්න උත්සාහ කරන එකයි.
මම දන්න සමහර අය ඉන්නවා, රෑ තිස්සේ ටීවී එකේ යන කතා මාලා (TV series) එක පිට එක බලනවා. ඒක කරන්නේ නිකම්ම විනෝදයට නෙවෙයි, තමන්ගේ හිත ඇතුළෙන් දැනෙන ඒ පාලු හැඟීමෙන් පැනලා යන්න — වියළී ගිය විවාහයක රිදවීමෙන්, නැත්නම් හිතපු විදිහට සිද්ධ වුණේ නැති ජීවිතයේ කලකිරීමෙන් තමන්ගේ සිත වෙනතකට යොමු කරන්නයි.
තවත් අය හිත රිදුණාම කෑමවලින් ඒ හිස්තැන පුරවන්න හදනවා. තවත් අය ශොපින් කරනවා, ගේම් ගහනවා, නැත්නම් පැය ගණන් ෆෝන් එක ස්ක්‍රෝල් (Scroll) කරනවා — තමන්ට දැනෙන ඒ පීඩනයෙන් එක මොහොතකට හරි සහනයක් ලබන්න.
සමහරු මත්පැන්වලට යොමු වෙනවා. ඒ බර අඩු කරගන්න, දුක අමතක කරන්න, නැත්නම් ඒ හවස ගෙවාගන්න කියලා හිතාගෙන. තවත් අයට ඊට වඩා භයානක දේවල්… මත්ද්‍රව්‍ය, අසැබි දර්ශන (Pornography), නැත්නම් වෙන කවුරුවත් දන්න නැති රහස් පුරුදු.
ඒත් අපි මොන දේට යොමු වුණත්, අන්තිමේදී ලැබෙන ප්‍රතිඵලය එකම එකයි. අපි සැනසීමක් ලබනවා වෙනුවට ඊටත් වඩා හිස් බවක්, වරදකාරී හැඟීමක් අරගෙන ආපසු එනවා. අපේ හිත ඇතුළෙන් හඬක් කියනවා: “ඔයා ජීවත් වෙන්න ඕනෙ මේ විදිහට නෙවෙයි” කියලා.
ඉතින් අපි තවත් තදින් උත්සාහ කරනවා. තීරණ ගන්නවා. “මේ පාර නම් මම මේක නතර කරනවා” කියලා තමන්ටම කියාගන්නවා. අලුත් නීති හදාගන්නවා, සීමා දාගන්නවා, තදින් දත් මිටිකාගෙන තවත් සතියක් අමාරුවෙන් අල්ලාගෙන ඉන්නවා. සමහර වෙලාවට ඒක ටික කාලයකට සාර්ථක වෙනවා…
ඒත් අර හදවතේ තියෙන හිස්තැන පිරිලා නැති තාක් කල්, අපි ආයෙත් නොදැනුවත්වම ඒ පරණ පුරුද්දටම ඇදී යනවා. මොකද ප්රශ්නය තිබුණේ ස්වයං-පාලනය (Discipline) නැතිකම ඇතුළේ නෙවෙයි!
ප්රශ්නය තිබුණේ පිරී නැති, හිස් වුණු හදවතක් ඇතුළෙයි! නීති සහ ස්වයං-පාලනයෙන් විතරක් කවදාවත් ඒක විසඳන්න බැහැ!
ජීවන වතුරේ ගංගාවන්
අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ ඒක දැනගෙන හිටියා. අන්න ඒ නිසයි උන්වහන්සේ මිනිස්සුන්ට නිකම්ම නීති මාලාවක් දෙනවා වෙනුවට, උන්වහන්සේවම එයාලට දුන්නේ!
යොහන් 7:38 හි උන්වහන්සේ මෙහෙම කිව්වා:
“මා කෙරෙහි අදහන තැනැත්තාගේ ඇතුළතින්, ශුද්ධ ලියවිල්ල කියන ලෙස, ජීවන වතුරේ ගංගාවන් ගලා යන්නේය.”
— යොහන් 7:38
පුංචි දිය පහරක් නෙවෙයි… යන්තම් ඇතිවෙන ප්‍රමාණයක් නෙවෙයි… ගංගාවන්! ඇතුළතින් උතුරා යන, ජීවනය දෙන, අප්‍රමාණ ජීවන වතුරේ ගංගාවන්!
යොහන් 4 පරිච්ඡේදයේදී ලිඳ ළඟ හිටපු සමරීය ස්ත්‍රියට උන්වහන්සේ දුන්නේ අන්න ඒ දේමයි!
ඇය පස් පාරක් විවාහ වෙලා, දැන් හිටියේ තමන්ගේ සැමියා නොවෙන වෙනත් මනුස්සයෙක් එක්ක. අනිත් අයගේ ඇස්වලට අහුවෙන්නේ නැතුව, දවසේ රස්නය වැඩිම වෙලාවේ තනියම ලිඳ ළඟට වතුර අදින්න ආපු ඇය ඇතුළේ තිබුණේ කිසිම සම්බන්ධතාවයකින් පුරවන්න බැරි වුණු ලොකු තෘෂ්ණාවක් සහ හිස්කමක්.
ඔයාටත් ඒක හුරුපුරුදුයි නේද?
ඇය ඇගේ මුළු ජීවිත කාලයම උත්සාහ කළේ ඒ හිස්තැන පුරවන්නයි… ආදරයෙන්, ඇසුරෙන්, එක සම්බන්ධතාවයකින් පස්සේ තවත් එකකින්… ඒත් ඇය තාමත් හිස්ව හිටියා.
ඒත් ජේසුස් ස්වාමීන්වහන්සේ ඇය හිටපු තැනටම ඇවිත් ඇයව හමු වුණා. උන්වහන්සේ ඇයට මෙහෙම කිව්වා:
“මේ වතුර බොන සියල්ලන්ටම නැවත පිපාසා වන්නේය. නමුත් මම දෙන වතුර බොන තැනැත්තාට කිසි කලෙකත් පිපාසා නොවන්නේය; මම දෙන වතුර ඔහු තුළ සදාකාල ජීවනයට උෆුරන වතුර උල්පතක් වන්නේය.”
— යොහන් 4:13–14
ස්වාමීන්වහන්සේ ඒ ස්ත්‍රියට දේශනා කළේ නැහැ! ඇයව පිළිගන්න කලින් ඇය හදාගන්න ඕනෙ වැරදි ලැයිස්තුවක් ඇයට දුන්නේ නැහැ! උන්වහන්සේ ඇය ගැන හැමදේම දැනගෙන හිටියා… අසාර්ථක වුණු හැම සම්බන්ධතාවයක්ම, කරපු හැම වැරදි තීරණයක්ම, ඒ ලිඳ ළඟට ඇය අරන් ආපු හැම රහසක්ම… ඒත් උන්වහන්සේ ඇයට අනුග්‍රහය (Grace) පෙන්නුවා!
සම්පූර්ණයෙන්ම කොන්දේසි විරහිත, උත්සාහයෙන් දිනාගත් එකක් නොවූ, නුසුදුසු අනුග්‍රහයක්!
කිසිම වරදකාරී හැඟීමක් නැතුව, තමන්ව සම්පූර්ණයෙන්ම අඳුනන, සම්පූර්ණයෙන්ම ආදරය කරන, සහ පිළිගන්නා ඒ අනුග්රහයේ තෑග්ග — වෙන කිසිම කෙනෙකුට හෝ දෙයකට පුරවන්න බැරි වුණු ඒ හිස්තැන ඇය ඇතුළේ සම්පූර්ණයෙන්ම පුරවා දැම්මා!
උන්වහන්සේට ආදරේ කරද්දී පාපයෙන් මිදෙන හැටි
අද උන්වහන්සේ ඔයාට දෙන්නෙත් අන්න ඒ දේමයි!
ලිඳ ළඟදී අර ස්ත්‍රියට පෙන්නපු ඒ කොන්දේසි විරහිත අනුග්රහයමයි! අනුග්‍රහය (Grace) කියන්නේ නිකම්ම නිකම් මතවාදයක් නෙවෙයි. ඒක අපගේ ජේසුස් ස්වාමීන්වහන්සේගේ පෞරුෂයමයි!
ඔයාට ඇත්තටම ආදරෙයි කියලා ඔයා දැනගත්තාම, පාපයේ යෙදෙන්න හරිම අමාරුයි!
නීතියකට ප්‍රතිරෝධය දක්වන එක වෙනම දෙයක්. නීති කියන්නේ සීතල, පෞද්ගලික නැති දේවල්. අපේ මනුෂ්‍ය ස්වභාවය හැමවෙලාවෙම හදන්නේ ඒවට විරුද්ධව යන්නයි. ඔයාටම “එපා” කියලා සිය පාරක් කියාගත්තත්, ඔයා නොකර ඉන්න හදන දේම කරන්න ඔයා පෙළඹෙනවා.
ඒත් තමන් වෙනුවෙන් ජීවිතය පවා පූජා කරපු පෞද්ගලික කෙනෙකුට විරුද්ධව වැරැද්දක් කරන එක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්!
ඔයා ජේසුස් ස්වාමීන්වහන්සේව ඇත්තටම අඳුනගන්න පටන් ගනිද්දී… උන්වහන්සේ ගැන නිකම්ම දැනගන්නවා වෙනුවට, පෞද්ගලිකව උන්වහන්සේව අඳුනගනිද්දී… උන්වහන්සේගේ ආදරයේ උණුසුම දැනෙද්දී, සහ ඔයාව ස්වර්ගීය පියාණන්වහන්සේගේ ආදරණීය දරුවෙක් කරන්න උන්වහන්සේ දීපු කැපකිරීම තේරුම් ගනිද්දී… ඔයාගේ ඇතුළතින් ලොකු වෙනසක් සිද්ධ වෙන්න පටන් ගන්නවා!
මේ දේ හොඳට තේරුම් ගන්න: පාපය කියන්නේ විනාශකාරී, ලොකු වේදනාවක් ගෙනෙන දෙයක්. ස්වාමීන්වහන්සේගේ හදවතේ හැමවෙලාවෙම තියෙන්නේ ඔයා නිදහසේ, පූර්ණත්වයේ, සහ සැබෑ ශුද්ධකමේ ගමන් කරනවා දකින්නයි.
ඒත් ශුද්ධකම කියන්නේ කවදාවත් ස්වයං-උත්සාහයෙන් (Self-effort) හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි! ඒක ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔයා කවුද කියන එකත්, උන්වහන්සේ ඔයාට කොච්චර තදින් ආදරෙයිද කියන එකත් දැනගැනීමේ ඵලයක් ලෙසයි!
විවියන්ගේ වෙනස් වුණු ජීවිතය
ඇමරිකාවේ ඉන්න විවියන් (Vivian) කියන ආදරණීය කාන්තාව තේරුම් ගත්තේ අන්න ඒ සත්‍යයයි.
අවුරුදු දහසයක් තිස්සේ විවියන් සිටියේ සිගරට් සහ ගංජා (Marijuana) ඇබ්බැහි වීමකට බන්ධනය වෙලා.
“අවුරුදු 16 කට ආසන්න කාලයක් මම මේ පුරුද්ද නතර කරන්න කොච්චර නම් උත්සාහ කළාද! මට මගේ පුංචි පුතාලා දෙන්නා ලැබෙන්න ඉද්දී පවා මම ඒකට උත්සාහ කළා. මම ටික කාලයකට ඒක නතර කළා, ඒත් බබාලා ලැබුණු ගමන්ම ආයෙත් ඒ පුරුද්දට වැටුණා. මොකද ඒ ආශාව මගේ හදවතින් කවදාවත් අයින් වෙලා තිබුණේ නැහැ.
පාස්ටර් ප්‍රින්ස්ගේ ටීවී ප්‍රෝග්‍රෑම් එක දිනපතා අහන්න පටන් ගත්තාට පස්සේ, අනුග්රහයේ වචනය ඇතුළේ පැය ගණන් ඉන්න පටන් ගත්තාට පස්සේ මගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා.
මගේ හදවත ඇතුළේ බලාපොරොත්තුවක් පිරෙන්න පටන් ගත්තා. ඒක මම ළඟදීම නිදහස් වෙයි කියන බලාපොරොත්තුව නෙවෙයි, මගේ තත්වය මොකක් වුණත්, මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ කවදාවත් මා එක්ක කේන්තියෙන් නැහැ කියන බලාපොරොත්තුවයි!
ගොඩක් කාලයක් මම හැදුවේ මගේ නිදහස උත්සාහයෙන් දිනාගන්නයි. ඒත් උන්වහන්සේගේ වචනය නමැති වතුරෙන් දිනපතා මගේ හිත සෝදාහරින්න ඉඩදෙද්දී, මගේ ක්‍රියාකලාපය මොකක් වුණත් උන්වහන්සේගේ ආදරය සහ අනුග්‍රහය ලබාගන්න මට පුළුවන් වුණා. මම ඒ වැරැද්ද කරපු හැමවෙලාවකම මම කිව්වා: ‘ස්වාමීනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා ඔබට ස්තූතියි’ කියලා. මම ඒක නතර කරන්න දරපු උත්සාහය නතර කරලා, උන්වහන්සේගේ අනුග්‍රහය මට ප්‍රමාණවත් කියලා තීරණය කළා.
ඊටපස්සේ එක දවසක, මම සම්පූර්ණයෙන්ම නිදහස් වුණා! ඒක නිකම්ම සිද්ධ වුණා! මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඒ ආශාව මගෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා. දැන් මම සිගරට් බොන අය ළඟ හිටියත් මට පොඩිම හරි ආශාවක් එන්නේ නැහැ. මගේ ස්වර්ගීය පියාණන්වහන්සේ හරිම විශ්වාසවන්තයි!”
ඔයාගේ පියාණන්වහන්සේගේ ආදරය භාරගන්න
විවියන් වගේම, සමහරවිට ඔයාත් අන්න ඒ චක්‍රයේම හිරවෙලා ඉන්නවා වෙන්න පුළුවන්. එකම නරක පුරුද්ද නැවත නැවතත් නතර කරන්න ඔයා උත්සාහ කරලා ඇති.
මම ඔයාට හෙමින් සැරේ මේ දේ කියන්නද? ඔයාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ ඔයාට ආදරෙයි, ඔයාව පිළිගන්නවා — ඒ ඔයා කරපු නැත්නම් නොකරපු දේවල් නිසා නෙවෙයි, අපේ ජේසුස් ස්වාමීන්වහන්සේ කුරුසිය මත කර අවසන් කරපු දේ නිසයි!
උන්වහන්සේගේ ආදරය ඔයාගේ හදවතේ මුල් අදිද්දී… අනිත් හැමදේටම වඩා උන්වහන්සේගේ සන්නිධානය ඔයා දුවගෙන යන තැන බවට පත්වෙද්දී… ඒ පරණ පුරුදුවල තද අල්ලගැනීම හෙමින් සැරේ ලිහිල් වෙන්න පටන් ගනියි!
අද, ඔයාගේ අඩුවාඩු ගැන හිතලා ඔයාටම බැනගන්න, තමන්වම විවේචනය කරගන්න ඕනෙ නැහැ.
සරලවම මේ සත්‍යය වෙතට ආපසු එන්න: ඔයා උන්වහන්සේගේ ආදරණීය දරුවෙක්! ජයග්‍රහණය කිරීමේ බලය පටන් ගන්නේ අන්න එතනින්!
මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි


