ඔයාට නිලයක් තිබුණත් නැතත්… ඔයාව කැඳවා තිබෙනවා.
ඔයාගේ පවුලේ, ඔයාගේ රක්ෂාව කරන ස්ථානයේ, ඔයාගේ සංවාදවලදී, සහ ඔයාගේ එදිනෙදා තීරණවලදී නායකත්වය දෙන්න ඔයාව කැඳවා තිබෙනවා.
ඔයා කොතැනක සිටියත්, වෙනසක් කරන්න සහ ආශීර්වාදයක් වෙන්න ස්වාමීන්වහන්සේට ඔයා ගැන සැලැස්මක් සහ අරමුණක් තියෙනවා.
ඒත් මම වසර ගණනාවක් පුරා ඉගෙනගත් දෙයක් මෙන්න: දෙවියන්වහන්සේට ප්‍රසන්න සැබෑ නායකත්වයක් පටන් ගන්නේ නායකත්වය දීමෙන් නෙවෙයි. ඒක පටන් ගන්නේ අනුගමනය කිරීමෙනි (Following).
ජේසුස් වහන්සේ තමන්ගේ පළමු ශ්‍රාවකයන් — නියම අපොස්තුළුවරුන්, ගුරුවරුන්, සහ සභාවේ කුළුණු බවට පත්වුණු අය — කැඳවූ විට, උන්වහන්සේ වැදගත් , සහජ දක්ෂතා තියෙන, නැත්නම් නායකත්ව සුදුසුකම් තියෙන අයව බැලුවේ නැහැ.
උන්වහන්සේ තෝරාගත්තේ වඩාත්ම නුසුදුසු යැයි සිතිය හැකි අයයි: රළු ස්වභාවයක් ඇති ධීවරයන්, බදු එකතු කරන්නෙකු, සහ සමාජය විසින් අමතක කර දමා තිබුණු තවත් අය. ඒත් ඒ සියලු දෙනාටම පොදු එකම දෙයක් තිබුණා. උන්වහන්සේ කතා කළ විට, එයාලා ප්‍රතිචාර දැක්වූවා. එයාලා උන්වහන්සේව අනුගමනය කළා.
රාජ්‍යයේ සියලු සැබෑ නායකත්වයේ පදනම එයයි. අපි පටන් ගන්නේ ස්වාමීන්වහන්සේව අනුගමනය කිරීමෙනි.
පිපාසයෙන් ඉන්න අයට වතුර දෙන්න කලින්, ඔයා මුලින්ම ඔයා වෙනුවෙන් වතුර බොන්න ඕනෙ.
වෙනත් අයට කටහඬක් වෙන්න කලින්, ඔයා උන්වහන්සේගේ කටහඬ අහන්න ඕනෙ.
වෙනත් අයව උසුලාගෙන යන්න කලින්, දේව එඬේරා විසින් ඔයාව උසුලාගෙන යනවා ඔයා අත්විඳින්න ඕනෙ.
ශක්තියෙන් නායකත්වය දෙන්න කලින්, ඔයා යැපීමෙන් (Dependence) ගමන් කරන්න ඕනෙ.
ලෝකයේ නායකත්ව සංකල්පය පටන් ගන්නේ “මම දන්නවා, මාව අනුගමනය කරන්න” කියන එකෙනුයි. ඒත් දෙවියන්වහන්සේගේ නායකත්වය පටන් ගන්නේ “ස්වාමීනි, මම දන්නේ නැහැ. කරුණාකරලා මට පෙන්වන්න. මම ඔබවහන්සේ පසුපස එන්නෙමි” කියන එකෙනුයි.
ඒක දුර්වලකමක් නෙවෙයි. ඒක ස්වාමීන්වහන්සේගේ ශක්තිය මත රඳා පවතින හරිම ලස්සන ආකල්පයක්!
මුලින්ම බැටළුවෙක් වන්න
ඉතින්, මම අද ඔයාගෙන් අහන්නම්: ඔයාගේ දවස පටන් ගන්නේ ස්වාමීන්වහන්සේ විසින් මඟපෙන්වනු ලබන තැනකිනද? නැත්නම් ඔයා තවමත් තනි උත්සාහයෙන් නායකත්වය දෙන්න උත්සාහ කරමින් ඉන්නවාද?
ස්වාමීන්වහන්සේගෙන් පෞද්ගලිකව ලබාගන්න කාලය වෙන් කරගන්න කියලා මම ඔයාව ධෛර්යමත් කරනවා. ඔයා කොහොම හරි ආත්මික නායකයෙක් නම්, වෙනත් අයට දෙන්න වචනයක් සූදානම් කරන්න විතරක් බයිබලයට යන්න එපා. මුලින්ම ඔයා වෙනුවෙන් ගැඹුරින් ඒ වචනය පානය කරන්න.
ස්වාමීන්වහන්සේට ඔයාට ආදරය කරන්න, ඔයාට මඟපෙන්වන්න, සහ ඔයාව අලුත් කරන්න ඉඩදෙන්න.
අද මාත් එක්ක මේක කියන්න:
“මම වෙන කිසිම දෙයකට වඩා මුලින්ම බැටළුවෙක්මි. ස්වාමීනි, මට මඟපෙන්වන්න, ඔබවහන්සේව අනුගමනය කරන්න මට උගන්වන්න.”
සැබෑ නායකත්වය පටන් ගන්නේ එතනදියි.
ඒ අපි නිවැරදි උත්තර ඔක්කොම දන්න නිසාවත්, කියන්න සහ කරන්න ඕනෙ නිවැරදි දේවල් දන්න නිසාවත් නෙවෙයි; සියල්ල දන්න තැනැත්තාව අපි අඳුනන නිසාත්, උන්වහන්සේ පසුපස අපි ගමන් කරන නිසාත් පමණි!
ඔයා උන්වහන්සේ සමඟ ළඟින් ගමන් කරද්දී, දෙවියන්වහන්සේ ඔයාව කැඳවා ඇති ඒ දෙවියන්ට ප්‍රසන්න නායකයා බවට උන්වහන්සේ ඔයාව සකස් කරනවාමයි කියලා මම දන්නවා.
මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


