ඇදහිල්ල (Faith) ක්‍රියා කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයා කැමතිද?
මාක් 11:24 හි අපිට මෙහෙම කියනවා:
“එබැවින් ඔබ යාච්ඤා කොට ඉල්ලන සියල්ල ඔබට ලැබී තිබේයයි විශ්වාස කරන්න, එවිට ඒවා ඔබට ලැබෙන්නේය.”
— මාක් 11:24
එතන කියන්නේ “ඔබට ලැබෙයි” කියලා නෙවෙයි, “ඔබට ලැබී තිබේ” (You have received) කියලයි!
ඒකෙන් අදහස් කරන්නේ ස්වාමීන්වහන්සේගේ වචනය ඒ විදිහටම විශ්වාස කරලා, ඔයාගේ ප්රාතිහාර්යය තවම ඇස් ඉස්සරහ සිද්ධ වෙලා නැති වුණත්, ඒක දැනටමත් ඔයාට ලැබිලා ඉවරයි වගේ (“As if”) ජීවිතයේ ඉදිරියට ගමන් කරන එකයි.
දැන්, මේක නිකම්ම බොරුවට රඟපාන එකක් නෙවෙයි. මේක දෙවියන්වහන්සේගේ වචනය සමඟ එකඟ වීමක්! ඔයාගේ ඇස් ඉස්සරහ ඒ දේ සිද්ධ වෙන්න කලින්ම, ස්වාමීන්වහන්සේ ඒ වෙනකොටත් ප්‍රකාශ කරලා තියෙන දේ සමඟ ඔයාගේ හදවත එක පෙළට තබාගැනීමක්.
බොහෝ වෙලාවට, “ලැබී අවසන්” ලෙස ගමන් කරන්න පුළුවන් පළමු සහ බලවත්ම ක්‍රමය තමයි — ඒ දේ ලැබී අවසන් ලෙස කතා කිරීමයි!
ඒක පටන් ගන්නේ ඔයාගේ වචනවලින්. ඉතින්, ඔයා ඔයා ගැන කියන දේ වෙනස් කරන එකෙන් මේක පටන් ගන්න!
ආබ්‍රහම් සහ සාරාගේ ඇදහිල්ලේ ගමන
ඇත්තටම, ආබ්‍රහම් සහ සාරාගේ ජීවිතයේ සිද්ධ වුණෙත් හරියටම ඒ දේමයි. පොරොන්දු වුණු පුංචි බබාව අතට ගන්න කලින් — ඊසාක් ඉපදෙන්න කලින් — ස්වාමීන්වහන්සේ හරිම ලස්සන දෙයක් කළා. උන්වහන්සේ එයාලගේ නම් වෙනස් කළා! ඒ හරහා, එයාලා තමන් දිහා බලපු විදිහත්, කතා කරපු විදිහත් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා.
ඔයාට ඒක මනසින් මවාගන්න පුළුවන්ද?
සාරා “බොහෝ දෙනෙකුගේ පියා” කියන තේරුම තියෙන ආබ්‍රහම් කියන නමින් එයාට කතා කරන හැමවෙලාවකම, ඇය කළේ දෙවියන්වහන්සේගේ පොරොන්දුව එළියට කැඳවපු එකයි. ආබ්‍රහම් “කුමාරිකාව” කියන තේරුම තියෙන සාරා කියන නමින් ඇයට කතා කරන හැමවෙලාවකම, එයා ඇයට මතක් කරලා දුන්නේ දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ ඇය කවුද කියන එකයි — තරුණ, ඵල දරන, සහ ජීවයෙන් පිරුණු කෙනෙක් බවයි!
එයාලගේ ඇදහිල්ලේ ගමන පටන් ගත්තේ එයාලා කරපු දෙයින් නෙවෙයි. ඒක පටන් ගත්තේ එයාලා කියපු වචනවලිනුයි!
එයාලා වෙනස් විදිහකට කතා කරන්න පටන් ගනිද්දී… එයාලා දේවල් දකින විදිහත් වෙනස් වෙන්න පටන් ගත්තා.
අන්තිමේදී, එයාලා ජීවිතයේ ගමන් කරන විදිහත් වෙනස් වුණා.
නියමිත වේලාව ආවාම, ඒ පොරොන්දුව ඉෂ්ට වුණා. ඊසාක් උපන්නා!
අදම මේ දේ ප්‍රායෝගිකව කරන්න පටන් ගන්න
සමහරවිට මෑතකදී ඔයාත් යම් දෙයක් වෙනුවෙන් යාච්ඤා කරමින් ඉන්නවා ඇති — ලොකු ජයග්‍රහණයක්, සුවයක්, නැවත ගොඩනැඟීමක්, නැත්නම් අලුත් දොරක් ඇරෙනවා දකින්න ඇදහිල්ලෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇති. ඒක ස්වාමීන්වහන්සේ ඒ වෙනකොටත් උන්වහන්සේගේ වචනයෙන් පොරොන්දු වෙලා තියෙන දෙයක් කියලා ඔයාගේ හදවතේ ගැඹුරින්ම ඔයා දන්නවා.
ඔයා ඉන්නෙත් එතන නම්, මට ඔයාව ධෛර්යමත් කරන්න ඕනෙ — ඒ දේ ඒ වෙනකොටත් ඔයාට ලැබිලා ඉවරයි වගේ ජීවිතයේ ඉදිරියට යන්න පටන් ගන්න!
අදම ඔයාට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් සරල ක්‍රම කීපයක් මෙන්න:
- ඔයා පුංචි පැටියෙක් (දරුවෙක්) වෙනුවෙන් ස්වාමීන්වහන්සේව විශ්වාස කරනවා නම්…
බබාලාගේ ඇඳුම් තියෙන තැනකට ගිහින් පුංචි ඇඳුම් දිහා බලන්න. ඔයා ආස කරන නම් ගැනත්, ඔයාලා මොන වගේ දෙමාපියන් වෙන්නද ආස කියන එක ගැනත් ඔයාගේ සහකරු/සහකාරිය එක්ක කතා කරන්න. ඔයාගේ ගර්භාෂය කෙරෙහි ජීවනය ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ පරිපූර්ණ වේලාව ගැන ජේසුස් ස්වාමීන්වහන්සේට ස්තූති කරන්න. - ඔයා හොඳ ජීවන සහකරුවෙක් වෙනුවෙන් ස්වාමීන්වහන්සේව විශ්වාස කරනවා නම්…
ඔයා ගැනම මෙහෙම ප්‍රකාශ කරගන්න: “මම ආදරය ලබන කෙනෙක්. මම වටිනා කෙනෙක්. මම වෙනුවෙන් සූදානම් කරලා ඉන්න නිවැරදි කෙනා වෙනුවෙන් මම සූදානම්.” ඔයා ගැන හොඳින් සැලකිලිමත් වෙන්න. ඔයා කැමති දේවල් ඉගෙනගන්න පන්තියකට හෝ කණ්ඩායමකට එකතු වෙන්න. ඔයාගේ ආදර කතාව ලියන්නේ ස්වාමීන්වහන්සේමයි කියලා දැනගෙන ඇදහිල්ලෙන් ඉදිරියට පියවර තබන්න. - ඔයා අලුත් රක්ෂාවක් හෝ මූල්‍යමය සැපයුමක් වෙනුවෙන් යාච්ඤා කරනවා නම්…
ඔයා ගැනම මෙහෙම ප්‍රකාශ කරන්න: “ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය. මට කිසි හිඟයක් නොවන්නේය.” ඔයාගේ ජීවදත්ත සටහන (CV) අලුත් කරලා ලස්සනට හදාගන්න. අරමුණක් ඇතුව ලස්සනට ඇඳ පැළඳගන්න. උන්වහන්සේ ඒ වෙනකොටත් ඔයාට ඉදිරියෙන් ගිහින් තියෙනවා කියලා දැනගෙන, ලොකු විශ්වාසයකින් ඒ අවස්ථාවන්ට අයදුම් කරන්න.
මේවා පුංචි පියවරවල් වගේ පෙනෙන්න පුළුවන්, ඒත් ඒවා ඇදහිල්ලේ හරිම බලවත් පියවරවල්!
ස්වර්ගයෙන් එන අලුත් බලාපොරොත්තුවකින් පිරෙන්න
ඔයා උත්සාහ කරලා තාම ප්‍රතිඵල දැක්කේ නැති නිසා සිත කඩාගන්න එපා.
අද, ස්වර්ගයෙන් එන අලුත් බලාපොරොත්තුවකින් ඔයා පිරෙන්න ඕනෙ කියලා මම යාච්ඤා කරනවා! උන්වහන්සේගේ වචනය දිගටම වපුරන්න, දිගටම විශ්වාස කරන්න. ඔයා හිතනවාටත් වඩා ඔයා ඉන්නේ ඔයාගේ ජයග්‍රහණයට හරිම ළඟින්!
ඔයා උත්සාහ කරන්නේ ඔයාගේම ශක්තියෙන් දෙයක් සිද්ධ කරගන්න නෙවෙයි. ඔයා කරන්නේ ඔයාට ආදරය කරන… කවදාවත් බොරු නොකියන තැනැත්තාණන් විසින් ඒ වෙනකොටත් දීලා තියෙන පොරොන්දුවකට ප්‍රතිචාර දක්වන එක විතරයි!
ඉතින්, “ලැබී අවසන්” ලෙස කතා කරන්නත්, “ලැබී අවසන්” ලෙස ගමන් කරන්නත් අදම පටන් ගන්න.
ඔයා එහෙම කරද්දී, මාක් 11:24 හි තියෙන ඒ පොරොන්දුව ඇතුළට ඔයා පියවර තබනවා වගේම, කාලය සම්පූර්ණ වුණාම ඔයාගේ ජයග්‍රහණය සහ ප්රාතිහාර්යය ඇස් ඉස්සරහ සිද්ධ වෙනවා ඔයා අත්විඳියි කියලා මම විශ්වාස කරනවා!
මෙම ලිපිය පූජ්‍ය ජෝසෆ් ප්‍රින්ස් (Pastor Joseph Prince) තුමාගේ දිනපතා දෙව්සඳහන (Daily Devotion) ඇසුරෙන් සකස් කරන ලද්දකි.


