ඔයා දන්නවද, අපි උන්වහන්සේගෙන් ලොකු දේවල් ඉල්ලනවාට දෙවියන්වහන්සේ හරිම කැමතියි?
සමහරවිට ඔයාට මේක අලුත් අදහසක් වෙන්න පුළුවන්. ඔයා හැදී වැඩුණු පරිසරය අනුව, පිරිමහගෙන ජීවත් වෙලා, “වැඩියෙන් ඉල්ලන එක සීමාව පැනීමක්” කියලා ඔයාට හිතෙන්න ඇති.
එහෙමත් නැත්නම් ඔයා වටේ ඉන්න අය කියනවා ඇති, “ඕවා නිකන් හීන විතරයි… ඇදහිල්ල කියන්නේ සරල, පොඩි දේවල් වලට විතරයි” කියලා.
එහෙමත් නැත්නම්, “දෙවියන්ගෙන් වැඩිය ඉල්ලන්න හොඳ නැහැ, ඒක ආඩම්බර කමක්” කියලා උගන්වපු සභාවල ඔයා ඉන්න ඇති.
ඒත් බයිබලය දිහා බැලුවාම මට නම් පෙනෙන්නේ වෙනස්ම දෙවියන්වහන්සේ කෙනෙක්ව!
ජේසුස් වහන්සේම මෙහෙම කිව්වා: “ඉල්ලන්න, එවිට ඔබට දෙනු ලැබේ; සොයන්න, එවිට ඔබට සම්බවෙයි; තට්ටු කරන්න, එවිට ඔබට දොර අරිනු ලැබේ” (මතෙව් 7:7).
උන්වහන්සේ “ඉල්ලුවොත් සමහරවිට හම්බවෙයි” කිව්වේ නැහැ. උන්වහන්සේ කිව්වේ “දෙනු ලැබේ” කියලා. ඒක ස්ථිරයි!
මම මේ කියන්නේ අන් අයට පෙන්වන්න සල්ලි, බඩු මුට්ටු පස්සේ යන්න කියලා නෙමෙයි. මම කියන්නේ, අන් අයට ආශීර්වාදයක් වෙන්න පුළුවන් තරමටම ආශීර්වාද ඉල්ලන්න කියලා. දෙවියන්ගේ විශ්වාසවන්තකම පෙන්වන ලස්සන පවුල් ජීවිතයක් ඉල්ලන්න. නිකන්ම රක්ෂාවක් නෙමෙයි, පවුලට හොඳින් සලකන ගමන් දෙවියන්ගේ සේවයටත් කාලය තියෙන හොඳ රැකියාවක් ඉල්ලන්න. ඔයාගේ යොවුන් වියේ ළමයින්ව හරි පාරේ යවන්න දෙවියන්ගෙන් ප්රඥාව ඉල්ලන්න!
සුවිශේෂ පොත් වල ජේසුස් වහන්සේ ගෝලයින්ට ආදරයෙන් දොස් කියපු වෙලාවල් තියෙනවා—”අඩු ඇදහිල්ලක් තියෙන අය” කියලා. ඒ වෙලාවල උන්වහන්සේගේ හදවතේ තිබුණු අදහස ඔයාට තේරෙනවද? උන්වහන්සේ ඇහුවේ:
“ඇයි ඔයාලා මෙච්චර පොඩි ප්රමාණයක් ගන්නේ?”
“මම ළඟ නිරෝගීකම, සැපයීම, ප්රඥාව, අනුග්රහය, ආලේපය… මේ හැමදේම පිරිලා ඉතිරිලා තියෙනවා.”
“ඇයි ඔයාලා ඇවිත් මගෙන් තව අරගන්නේ නැත්තේ?”
ලස්සනම දේ තමයි: ආදරය කියන්නේ දෙන එක, ඒත් ඇදහිල්ල කියන්නේ දෙවියන්ගෙන් ඒ දේ ලබාගන්නා අත.
දාවිත් රජතුමා ගීතාවලිය 116:12-13 හි මෙහෙම කියනවා: “ස්වාමීන්වහන්සේ මට කළ සියලු යහපත්කම්වලට මම උන්වහන්සේට කුමක් දෙන්නද?”
එයා මොකක්ද දුන්න උත්තරේ?
“මම උන්වහන්සේට ණය ගෙවනවා” කිව්වේ නැහැ.
“මම මගේ දක්ෂකම පෙන්වනවා” කිව්වේ නැහැ.
“මම ඒක ලබාගන්න මහන්සි වෙනවා” කිව්වේ නැහැ.
එයා කිව්වේ: “මම ගැළවීමේ කුසලාන ගන්නෙමි” කියලා.
දෙන්න ආසාවෙන් ඉන්න දෙවියන්වහන්සේව සතුටු කරන්න පුළුවන් හොඳම විදිහ ඒකයි!
pastor ප්රින්ස්ගේ ජීවිතයේ ලොකුම සාක්ෂියක් තමයි ඔවුන් දැනට නමස්කාර කරන ඉහත රූපයේ තියෙන ‘Star Performing Arts Centre’ ගොඩනැගිල්ල.
සභාව ලොකු වේගෙන එද්දී, ඔවුන්ට තිබුණු ඉඩ මදි වුණා. සිංගප්පූරුව වගේ ඉඩම් හරිම හිඟ, මිළ අධික රටක මෙච්චර ලොකු සභා ගොඩනැගිල්ලක් හදන එක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා හැමෝම කිව්වා.
ඒත් ඔහුට ඇතුළාන්තයෙන් දෙවියන්ගේ හඬ ඇහුණා: “පුතේ, මම දිහා බලන්න. ඉල්ලන්න, මම ලෝකයේ ක්රමයට නෙමෙයි, මගේ ක්රමයට ඒක දෙන්නම්.”
ඔහු ඒක විශ්වාස කළා. ඔහු දෙවියන්ගෙන් ඉල්ලුවා. දෙවියන්වහන්සේ ඔහුට ඒ පහසුකම දුන්නා විතරක් නෙමෙයි, ඒකට ගිය මුළු පිරිවැයම පියවන්නත් කටයුතු කළා! කිසිම බලපෑම් කරලා සල්ලි එකතු කිරීමක් කළේ නැහැ. දෙවියන්වහන්සේම මිනිසුන්ගේ හිත් ඇරියා.
මම මේක ඔයාට කියන්නේ ඔයාගේ ඇදහිල්ලත් අවදි කරන්නයි.
ඔයා මොන දේ ගැන බලාපොරොත්තුවෙන් හිටියත්, තාත්තා කෙනෙක් වගේ ඔයාට ආදරේ කරන දෙවියන්වහන්සේ වෙතට ලංවෙන්න. ජේසුස් වහන්සේ නිසා ඔයාට උන්වහන්සේගේ අනුග්රහයේ සිංහාසනයට කෙළින්ම යන්න පුළුවන් (හෙබ්රෙව් 4:16).
බයිබලයේ කියනවා: “ඔබට රාජ්යය දීමට ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ සතුටු වනසේක” (ලූක් 12:32).
දෙවියන්වහන්සේ ඔයා වෙනුවෙන් හොඳ දේවල් ලෑස්ති කරලා ඉවරයි. උන්වහන්සේට ඕනේ ඔයා ඇදහිල්ලෙන් ඒ දේවල් ඉල්ලනවා දකින්නයි.
ඔව්, දෙවියන්වහන්සේට ඕනේ ඔයා ලොකු දේවල් ඉල්ලන්නයි !
ඔයා ලොකු දේවල් ඉල්ලද්දී ඔයා කියන්නේ: “අනේ දේව තාත්තේ , මේක කරන්න පුළුවන් ඔබට විතරයි, මගේ ඇස් තියෙන්නේ ඔබ දෙසයි!” කියලා.
අද ඔයා ඒ දේ කරනවද?
ඔයාගේ ඉල්ලීම් පුංචි කරගන්න එපා. උන්වහන්සේගේ ආදරණීය දරුවෙක් විදිහට, බය නැතුව ඔයාගේ දේව පියාගෙන් ලොකු දේවල් ඉල්ලන්න!



